Tuesday 6 February 2018

ඔබේ පරිගණකයත් Data කන යකෙක්ද?



මේ පෝස්ට් එක කියවන ඔයාට data කියන්නේ  රත්තරං වටින දෙයක් කියලා  මං දන්නවා.
ඒත් ඔයාලගෙ computer එකෙන් internet යන්න ගියාම ඉක්මනට ඩේටා ඉවර වීමෙ  සෝචනීය ඉරණමට ඔය ගොඩක් දෙනෙක් මුහුණ දීලා  ඇති.

Phone
එකේ hotspot ඔන් කරන් ලැප් එකෙන් ලාවට අන්තර්ජාලේ සැරිසරනන ලැස්ති වෙනකොටම phone එකේ data යි සල්ලි ටිකයි ඔක්කෙම ඉවරයි, දැන් Recharge කරපන් කියල එන msg එක දකිනකොට දැනෙන්නෙ පුදුමාකාර මෙව්ව එකක්.. !#%$!#^$@#

ඉතින් අමාරුවෙන් දාගත්ත ඩේටා කාඩ් එකට කෙලවිලා යනකන් එහෙම බලන් ඉන්න   බැහැනේ.
ඉතින් මේ ලෑස්ති වෙන්නෙ ඒ ප්‍රශ්නේ විසදන්න



ඇත්තටම අපේ  ඩේටා වලට මොකක්ද වෙන්නේ?



ගොඩක් වෙලාවට පරිගණකය තුල අපේ  Data bandwidth  එක use කරන්නේ   windows update  ඒ වගේම වෙනත් software  updates
ඉතින් අපිට තියන්නේ limited data plan එකක් නම් අපි ඉස්සර වෙලාම කරන්න ඔනේ මේ කෙලවරක් නැති updates නවත්තන එක.



පලමු සරල විසදුම:-  Windows metered connection

වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය  limited data plan use කරන  අය වෙනුවෙන්ම දිපු option එක මේක. ඔයා windows 8.1 හෝ windows 10  පාවිච්චි කරන කෙනෙක් නම් මේ පහසුකම පාවිච්චි කරන්න පුළුවන්.
මේකෙන් වෙන්නේ අත්‍යවශ්‍ය updates වර්ග හැර අනෙක් සියළුම updates වලට මෙහෙයුම් පද්ධතිය විසින් Data bandwidth එක use කිරිම සීමා කිරිමයි. ඒ වගේම
Windows apps store
එකෙන් ඔයා ඩවුන්ලෝඩ් කරපු app වල data usage එකත් මේ හරහා අවම වෙනව.

මේක බොහොම සරලව කරන්න පුළුවන් පහත පියවර මගින්..


Start > Settings > Network & Internet > Status > Change connection properties > turn on Set as metered connection.





නමුත් metered connection එකක් තුලදි උනත් ඔයගේ data ටික ඔයාට ඔනේ විදිහටම නිදහසේ පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ. එහෙම ඔනෙනම් ඊලඟ option වලට යන්න වෙනව.


Auto update වෙන එක සම්පුර්ණයෙන් නවත්තමු.


පැරණි වින්ඩෝස් සංස්කරණ වල System update නවත්තලා දාන්න පුලුවන්කම තිබුනත් windows 10 වල එහෙම කරන්න direct option එකක් නෑ. තියන්නෙ update pause කියන option එක.  ඒකෙන් වෙන්නේ updates තාවකාලිකව නවත්තලා දාන එක .අවුල තියන්නෙ update pause කරලා හැමදාම තියන්න බෑ. Pause කරන්න පුලුවන් උපරිම කාලයක් තියනවා. එතකොට auto updates නවත්තලා දාන්න බැරිද?
බය වෙන්න දෙයක් නෑ. ඒක කරන්න පුලුවන්.

Windows registry එක edit කරලා හරි, windows group policy වෙනස් කරල හරි, නැත්තම් windows updates service එක disable කරල හරි මේක කරන්න පුලුවන්.
Registry edit
කරන එක ඔබ ආධුනිකයෙක් නම් එච්චර හොද වැඩක් නෙවෙයි. මොකද වැරැද්දක් උනොත් අනාතයි.


කාටත් හොද විදිහට Group policy වෙනස් කරලා මේක කරන හැටි බලමු.


Press Windows key + R
දැන් run dialog box එක එයි. එකේ මෙහෙම type කරලා enter කරන්න.
gpedit.msc





එවිට Group policy window එක දකින්න පුලුවන්.
ඒකේ පහත ඔප්ෂන් වලට යන්න.



Computer Configuration -> Administrative Templates -> Windows Components -> Windows Update







ඒකේ මේ option එක තොරන්න.
 "Enebled"
  ‘2 - Notify for download and notify for install’






Setting
ටික ඔය විදිහට හදලා apply කරලා ok කරන්න.
ඊට පස්සේ pc එක restart කරන්න .


දැන් system updates Auto වෙන්නෙ නෑ. අලුතින් updates ආපුවාම notification එක එනව විතරයි. අපිට ඔනෙනම් විතරක් ඒව download කරගන්න පුලුවන්.



live tiles නවත්තමු..


වින්ඩෝස් 10 වල තියන Live tiles  තවත් අපේ data  කාබාසිනියා කරන එකක් තමයි start මෙනු එකේ තියන automatically content change වෙන tiles. කාලීන තොරතුරු වලට අනුව මෙ tiles වෙනස් වෙනවා.මේ  ටික off කරලා දාන එකෙන් data තව ටිකක් save කරගන්න පුලුවන්. Start මෙනු එකේ මේ tiles වල right click කරලා more >> Turn live tile off තෙරිමන් මෙක කරන්න පුලුවන්.
මේ පොස්‍ට් එකේ තියන දේවල් ටික කරාම ප්‍රධාන වශයෙන් Windows os  එකෙන් අපේ data Bandwidth එක අනවශ්‍ය විදිහට පාවිච්චි කරන එක සැහෙම දුරකට අඩු කරගන්න පුළුවන්. ඒත් තවම ඔයගේ   pc එක ඔයා නොදන්න ගොඩාක් දෙවල් වලට ඔයගේ data bandwidth එක use කරනවා.

 පොස්‍ට් එක ටිකක් දික් වුන හින්දා  අලුත් ලිපියකින්ම මේ දේවල් ටිකක් Advance විදිහට monitor කරන්නෙ කොහොමද , ඒවට මොකද කරන්න පුළුවන් කියල අපි කථා කරමු.
 එහෙන්ම් ගිහින් එන්නම්,
හැමොටම Data පිරුණු දවසක්.. ;-)